සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට නම් වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති එක්වියයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කටයුතු කළයුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අවප‍්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු මෙරට ආර්ථිකය තුළ මේ වන විට උද්ගතව ඇති විවිධ ගැටළුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකිවන්නේ එසේ ඔවුන් දෙදෙනා එක්ව සකස් කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති තුළින් පමණක් බවද දිසානායක මහතා තවදුරටත් පවසා සිටියි.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති රටට කිසිදු අයුරකින් සුභදායක නොවන බවත් ආයෝජන කිරීමට තරම් ව්‍යාපාරිකයන්ට මෙරට සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට