සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ පතුලටම වැටී ශ්‍රී ලංකාවට ඉදිරි වර්ෂය තුළදී ද දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහණ දීමට සිදුවේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaරුපියලේ අගය අවප්‍රමාණයවී රටතුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන අතර ශ්‍රී ලංකාව මේ වන විට ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ පතුලටම වැටී ඇති බවත් ඉදිරි වර්ෂය තුළදී ද මෙම ආර්ථික අර්බුදය තවතවත් ඉහළයනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් ඊයේ (04) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එස්.බී දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව ජී.එස්.පී ප්ලස් සහනය ලබාගත්තද එහි වාසිය රටේ ජනතාවට ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට නොහැකිවූ බවත් රටට විශාල ලෙස විදෙස් විනිමය උපයාදෙන තේ මෙන්ම රබර් සහ ගම්මිරිස් වැනි නිෂ්පාදන ද මේ වන විට දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බවයි. රට මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස්පතිවරයා විසින් සිදුකරන ලදැයි පැවසෙන ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට සියළු තොරතුරු හෙළිදරව්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා සිය කරුණු දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය විනාශකිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතු කරමින් සිටින බවයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලොව දූෂිතම තත්ත්වයට පත්ව ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවසා ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ සිදුකරන ලද ප්‍රකාශය, මෙරට ක්‍රිකට් ක්‍රිඩකයින් සහ ක්‍රිකට් ආයතනය උස්සා පොළොවේ ගැසීමක් බදු ප්‍රකාශයන් බවත් පසුගිය වසර 10 ක කාලය තුළදී මෙරට කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු පාව දීම් වලට සම්බන්ධ බවට කරුණු ඔප්පුවී නොමැති තත්ත්වයකදී අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම මෙරට සමස්ත ක්‍රීඩාවන්ටම දැවැන්ත කැළලක් බවද තිලංග සුමතිපාල මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට