සත්‍යයේ පුවත් අඩහැරය….

කඳානේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම, අත්අඩංගුවටපත් සැකකරු පැනයාමට උත්සහ කිරීමේදී දියේ ගිලී මරුට..

Podu Jana Peramunaවෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටි ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු ඊයේ (05) අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රැගෙන එ්මේදී ශරීර අවශ්‍යතාවයක් මතුවීම නිසා ජා ඇල, දළුගම ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී ඔහු අසළ පිහිටි ඇළකට පැන තිබේ. පසුව පොලිසිය විසින් සැකකරු ගොඩට රැගෙන රෝහල් ගතකර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව අනාවරණයවී ඇත. පසුගිය දිනෙක කඳාන ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට