සත්‍යයේ පුවත් අඩහැරය….

රට අගාධයට ගෙනයන වත්මන් පාලනය වෙනස් කළයුතුයි – වියත් මග සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ නොහැකියාව හමුවේ රට පත්වෙමින් තත්ත්වය පිළිබදව තවදුරටත් බලාසිටීමට නොහැකි බැවින් කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රට වෙනුවෙන් පෙනීසිටීමට තීරණය කළ බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී පෙරේරා මහත්මිය විසිනි. සිය අදහස් දක්වමින් ඇය තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හමුවේ රට දිනෙන් දිනම අගාධයකට ඇදවැටෙමින් පවතින බවත් ජාත්‍යන්තර ආර්ථික දර්ශක කඩාවැටීම නිසා මෙරටට ලැබෙන විදෙස් ආයෝජන පවා නොලැබෙමින් පවතින බවයි. රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන්නේ ලෝක ආර්ථික අර්බුදයක් හේතුවෙන් බවට ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ආපදා කළමණාකරණය පවා නිසි පිරිදි සිදුකරගැනීමට ආණ්ඩුවට නොහැකිව ඇති බවත් මාධවී පෙරේරා මහත්මිය විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ නීතිඥ ජානක සකලසූරිය මහතා අවධාරණය කර සිටියේ රටේ ආර්ථිකය නිසිපරිදි කළමණාකරණය කරගැනීමට පවා නොහැකිව ඇති බැවින් නිසි ලෙස පාලනය කළහැකි පිරිසකට රට භාරදී පාලන බලයෙන් ඉවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. එසේ සිදුනොකරන්නේ ආණ්ඩුව බලයෙන් පහකිරීමට රටේ ජනතාව කටයුතු කරනු ඇති බවත් රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නම් වත්මන් පාලනය ඉවත්කර ලොවම පිළිගත් නායකයෙකු රටේ පාලනය සදහා තොරාපත්කර ගතයුතුව ඇති බවත් නීතිඥ ජානක සකලසූරිය මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ් රණසිංහ, විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න, ඉංජිනේරු හර්ෂ චන්ද්‍රසේන සහ වරලත් ඉංජිනේරු විජිත හේරත් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට