නායයෑමේ අවදානම් මතුවෙලා, හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාවෙයි..
හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇතැයි නොර්වුඩ් පොලීසිය අනාවරණය කර සිටියි. එම මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයෑමේ අවදානම් තත්ත්වයන් මතුව ඇති අතර කාසල්රි ජලාශයට ඉහළින් නිවාස කිහිපයක් සහ මාර්ගයේ කොටසක නායයෑමේ ලක්ෂණ මතුවීම නිසා එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනයද එක් මංතිරුවකට සිමා කීරීමට කටයුතු කර තිබේ.