සත්‍යයේ පුවත් අඩහැරය….

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාවය, අනුබලදුන් නිලධාරීන් 06 කට වැඩ වරදියි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ආරක්ෂාව සදහා යෙදවීමෙන් අනතුරුව අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් පසුගියදා එම බන්ධනාගාර පරිශ්‍රයේ දියත් කරන ලද විරෝධතාවයට එම බන්ධනාගාරයේ නිලධාරීන් 06 දෙනෙකු අනුබල දී ඇතැයි හෙළිවී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ වන විට ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙන අතර තවත් ජේලර්වරයෙකුට සහ බන්ධනාගාර නියාමක නිලධාරීන් හතර දෙනෙකුට ස්ථාන මාරුවක් ලබාදීමට ද නියමිතව ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාව සදහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම නිසා තමන්ට රැදවියන්ට විවිධ නීතිවිරෝධී උපකාර කර විවිධ වරප්‍රසාද ලබාගැනීමට බාධා ඇතිවනු ඇති බැවින් මේ අකාරයට අදාළ විරෝධතාවය අනුබල දීමට මෙම බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇතිය තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ විරෝධතාවයට සම්බන්ධවූ රැඳවියන් 8 දෙනෙකු පසුගිය දිනෙක වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට බලධාරීන් කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට