සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවාවේ ගැටළු වලට මෙතෙක් විසදුම් නෑ, ලබන 31 වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් – කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaතම සේවාව මුහුණ දී ඇති වෘත්තීය ගැටළු සදහා මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බැවින් ඔක්තෝම්බර් 31 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර එදින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු උදේනි දිසානායක මහතා විසින් මේ බව පවසා සිටින ලදී.

සිය වෘත්තීය ගැටළු පිළිබදව විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග මේ වන විට සිව් වතාවක් සාකච්ඡා පවත්වා ඇති නමුත් මෙතෙක් කිසිදු ආකාරයකින් පිළිගත හැකි විසදුමක් ලබාගැනීමට නොහැකිවූ බවත් අදාළ ගැටළු සදහා විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මාස 03 ක කාලයක් ඉල්ලා සිටින බවත් දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

ඒ අනුව අදාළ ගැටළු යටගැසීමට හෝ මගහැරයාමට අමාත්‍යවරයා උත්සහ කරමින් සිටින බවට සැක මතුවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරීන් අමාත්‍යවරයා රැවටීමකට ලක්කර ඇති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තුළ විවිධ පක්ෂ නියෝජනය කරන නමුත් එහි කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බවත් දිසානායක මහතා මෙහිදී සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා කළමණාකරණ සහකාර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන රාජ්‍ය කළමණාකරණ සහකාර සේවාවේ වෘත්තීය සමිති රැසක නියෝජිතයින් පිරිසක් සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට