සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුවක් පිහිටුවීමට බාධාව වී ඇති අගමැති රනිල් බලයෙන් ඉවත්කිරීමට සියළු පාර්ශව එක්විය යුතුයි – නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව තුළ පැවති ඉරිතැලීම්, මේ වන විට දෙදරායාම් බවට පත්ව ඇති අතර සේනානායකවරුන් සැමරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් දක්වන ලද අදහස් දැඩිව විවේචනය කරමින් ජනාධිපතිවරයා මානසික රෝගියෙකුගේ තත්ත්වයකට පත්කර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා ඇති බවත් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කර සිටියි. ඊයේ (25) කෙළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් දක්වන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවූ විරෝධතාවය ද නොසලකා මහ මැතිවරණයෙන් පරාජයවූ සරත් ෆොන්සේකා මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනඒමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරන ලද්දේ අවශ්‍යවූ අවස්ථාවක ජනාධිපතිවරයාට පහර දීමටදැයි මේ වන විට යම් සැකයක් මතුව ඇති බවයි. රට නිසි පරිදි පාලනය කළහැකි නව ආණ්ඩුවක් බලයට පත්කිරීම සදහා බාධාවක්ව පවතින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් ඉවත්කිරීමට සියළුදෙනා ඒකරාශීව කටයුතු කළයුතුව ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

ජනාධිපතිවරයාට එරෙහිව ඉන්දියාවේ “රෝ” සංවිධානයට අසත්‍ය තොරතුරු ලබාදෙන කැබිනට් මණ්ඩලක සාමාජිකයින් සමග තවදුරටත් ආණ්ඩුවේ සිටිය හැකිදැයි වත්මන් ආණ්ඩුව සමග සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටින අතර ඒ අනුව ඔවුන් වහාම වත්මන් ආණ්ඩුවෙන් ඉවත්විමට කටයුතු කළයුතුව ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද සහභාගි වෙමින් සිය අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට