සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද පත්කර රනිල් ඉවත්කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වෙයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ 2094/43 දරණ ගැසට් නිවේදනයෙහි අග්‍රාමාත්‍යධූරයට පත්කිරීමේ බලධාරියා ලෙස ජනාධිපතිවරයා සතු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්කරන ලද බව සදහන්ව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයට පත්කිරීම නීත්‍යානුකූල බව ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා අවධාරණය කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2018.10.26 වනදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරය සදහා පත්කරන ලද බව 2094/44 දරන ගැසට් නිවේදනය මගින් නිවේදනය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට