වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්..
මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි කාලය තුළදීත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට ගිණිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය ඊට හේතුව වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව අද (27) දිනය තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.