සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් කළ පත්කිරීම ගැන දැඩි කණගාටුවට පත්වෙනවා – අධි නීතිඥ ලාල් විජේනායක

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ සදහා පත්කිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවකට පත්වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධනය අවධාරණය කර සිටියි. ඊයේ (28) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනාධිපති නීතිඥ ලාල් විජේනායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

රටතුළ දිගින් දිගටම මේ ආකාරයේ අස්ථාවර දේශපාලන තත්ත්වයක් පැවතියහොත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය සේවකයින් කොටස් දෙකකට බෙදී සිවිල් යුද්ධයක් පවා ඇතිවීමට ඉඩඇති බවත් කඩිනමින් පාර්ලිමේන්තුව කැදවා මෙම අර්බුදකාරී තත්ත්වය මැඩපැවැත්වීමට වහාම කටයුතු කළයුතුව ඇති බවත් ලාල් විජේනායක මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසා සිටියේ අග්‍රමාත්‍යවරයා ඉවත්කිරීමේ බලය දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට ලබාදී තිබුනද දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු, අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සදහා ජනාධිපතිවරයාට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවයි. අග්‍රාමාත්‍ය තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන ලද්දේ ජාතික ආණ්ඩුව තුළ නොවන බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීම නිසා ජාතික ආණ්ඩු‍ව අහෝසි වුවද අග්‍රාමාත්‍ ධූරය අහෝසිවීමක් සිදුනොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සහ අර්ථ නිරූපන පනත පටලවාගෙන ඇති අතර මේ වන විට රටතුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය අධිකරණය තුළින් නොව පාර්ලිමේන්තුව තුළින් විසදාගැනීමට කටයුතු කළයුතුව ඇති බවත් ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා නිදහසේ වේදිකාව සංවිධානයේ සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සහ විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ වාත්තීය සමිති සම්මේලනයේ හිටපු සභාපති අචාරෟය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට