සත්‍යයේ පුවත් අඩහැරය….

නව කැබිනට් මණ්ඩලයෙන් කොටසක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් මණ්ඩලය ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා වාරය සහ නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් දිවුරුම්දී ඇත. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙසද විජේදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දී ඇත. ඩග්ලස් දේවානන්ද මහතා පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් මහතායි. රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ධූරයේ ෆයිසර් මුස්තාෆා මහතා දිවුරුම් දෙන ලද අතර වසන්ත සේනානායක මහතා සංචාරක සහ වනජීවි අමාත්‍ය ධූරයේත් දිවුරුම් දෙන ලදී. වඩිවෙල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආනන්ද අලූත්ගමගේ මහතා සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට