සත්‍යයේ පුවත් අඩහැරය….

වහාම පාර්ලිමේන්තුව කැදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආශිර්වාදයෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගත් ජනවරමට පටහැනිව, නිහීන ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා ගන්නා ලද තීරණය ඉතා භයානක මෙන්ම රට අරාජික කරවන තීරණයක් බව පුරවැසි සංවිධාන එකමුතුව පවසා සිටියි. ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ රටේ නායකයා විසින්ම සිය ආණ්ඩුවට එරෙහිව මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කරන ලද අවස්ථාවක් මීට පෙර දැක නොමැති බවයි. නීතියට පටහැනිව, කුමන්ත්‍රණකාරීව අග්‍රාමාත්‍යවරයාව ඉවත්කිරීම තුළින් රට අරාජික තත්ත්වයකට පත්වෙමින් පවතින බවත් යම් ආකාරයකින් මිනිස් ජීවිත විනාශ වුවහොත් ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවත් සරත් විජේසූරිය මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ රට අරාජික නොකර වහාම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. රට තුළ මේ වන විට යළි භීෂණකාරි වාතාවරණයක් ඇතිවෙමින් පවතින බවත් මෙම තත්ත්වයට වත්මන් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම වගකිව යුතු බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය දඹර අමිල හිමි සහ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, විශ්ව විද්‍යාල ආචාර්යවරුනගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති අචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, වමේ කේන්ද්‍රය සංවිධානයේ සාමාජික චමීර පෙරේරා සහ ආණ්ඩුවේ කම්කරු සමිත සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී අබේරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට