සත්‍යයේ පුවත් අඩහැරය….

රට නැවතත් ඒකාධිපති, ජාතිවාදයට නැඹුරු තත්ත්වයකට ඉබේම තල්ලු වෙමින් පවතිනවා – ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල

Podu Jana Peramunaවසර 03 ක් පුරා පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය එක්වරම වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කටයුතු කරන ලද බවත් හිටපු ජනාධිපතිවරයා නව අග්‍රමාත්‍යවරයා ලෙස පත්කිරීම තුළින් රට නැවතත් ඒකාධිපති, ජාතිවාදයට නැඹුරු තත්ත්වයකට ඉබේම තල්ලු වෙමින් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානයේ සාමාජික චින්තක ධර්මදාස මහතා විසිනි.

සිය අදහස් දක්වමින් චින්තක ධර්මදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වී ඉතා සුළු කාලයකින් ඒ මහතාට පක්ෂ මැරයින් ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුඵවී පහරදීමක් සිදුකළ අතර ඒ අනුව රට නැවත වරක් අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙමින් පවතින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ මෙරට ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතා අවධාරණය කර සිටියේ වහාම පාර්ලිමේන්තුව කැදවා රටතුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නැයි ජනාධිපකිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානයේ සාමාජිකයින් වන විමුක්ති ජයසුරන්දර සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට