සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික සඟ සමුළුව ඊයේ කොළඹදී..

Podu Jana Peramunaරටතුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරමුණින් ජාතික භික්ෂු පෙරමුණ විසින් ඊයේ (06) කොළඹදී භික්ෂු සම්මේලනයක් පවත්වන ලදී. කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ සිට පාගමනින් නව නගර ශාලව දක්වා පැමිණි මහා සංඝරත්නය ඇතළු පිරිස එහිදී මෙම සම්මේලනය පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගි වන ලදී. මෙම සම්මේලනයේදී සිය අදහස් පළකරමින් ආචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමි අවධාරණය කරන ලද්දේ ප්‍රජාතන්ත්‍ර විරෝධීට රටතුළ සිදුකරන කාර්යයන් කිසිදු අයෙකු අනුමත නොකරන බවයි.

ඒ අනුව ව්‍යවස්ථා විරෝධීව ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම ඇතුළු පසුගිය දින කිහිපය තුළ මෙරටදී සිදුවන ලද ඇතැම් ක්‍රියාවන්ට විරෝධය පළකළ යුතුව ඇති බවත් පූජ්‍ය දඹර අමිල හිමි තවදුරටත් පවසා සිටින ලදී.

ජාතික භික්ෂු පෙරමුණේ සභපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර, අධ්‍යාපන ලේකම් පූජ්‍ය මුරුතවෙල සුමනජෝති, ජාතික හෙළ උරුමයේ සාමාජික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර යන ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම, ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, හර්ෂණ රාජකරුණා, පාලිත තෙවරප්පෙරුම සහ ජේ.සී අලවතුවල යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට