ලෝක දියවැඩියා දිනය අදයි..
ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. “දියවැඩියාව සහ පවුල” යන්න මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත. මෙරට වැඩිහිටි පුද්ගලයින් 12 දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකුටත් තරුණ පුද්ගලයින් 06 දෙනෙකුගෙන් එක් අයෙකුටත් දියවැඩියා රෝගය වැළදීමේ අවධානමක් උද්ගතව ඇති අතර මෙරට තුළ වසරකදී සිදුවන මරණ වලින් 7% ක් දියවැඩියා රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.