කෝටි දෙකක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට..
කිලෝග්‍රෑම් දෙකකට අධික හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වැල්ලම්පිටිය – කඩුවෙල මාර්ගයේ ගල්වාන හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බව ද වාර්තා වේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.