ඩොලරය යළිත් උඩ යයි..
මෙරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට ඉතිහාසයේ පළමු වතාවට මෙම සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.175.11 ක් ලෙසත් විකුණුම් මිල රු. 179.04 ක් ලෙසත් සටහන්වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි මෙම තොරතුරු දක්වා ඇත.