සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ..

Podu Jana Peramunaලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ අතර වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්ද අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට