සත්‍යයේ පුවත් අඩහැරය….

නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි..

Podu Jana Peramunaවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුව ඇප මත මුදාහැර සිටි හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා යළි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුවා ඇති බව වාර්තාවේ. පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ(21) සිට බලපැවැත්වෙන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 2012 වසරේ නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළට කඩා වැදී නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති කර එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නියොමාල් රංගජීව මහතා මාර්තු මස 28 දා අත්අඩංගුවට  ගත් අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලදි. පසුව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා අභියාචනාධිකරණයේ නියෝගය පරිදි ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 27 දා නියම කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට