සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි ..

Podu Jana Peramunaකොළඹ ප්‍රදේශ රැසකට අද (24) පෙරවරු 08.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.අඹතලේ ජල පවිත්‍රගාරයේ සිදු කෙරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 08.00 සිට හෙට අළුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශ වලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට නියමිතව ඇත. එමෙන්ම කොට්කාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය යන ප්‍රදේශවලට ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට