අදත් ගිගුරුම් සහිත වැසි ..
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර යන බව එම දෙපාර්තමේන්තුව පවසයි. උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.