ප්‍රභාකරන්ගේ උපන් දිනය නීති විරෝධීව සමරන්න ගිය උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි ශිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට..
දෙමළ ජාතික සන්ධාන, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. නීති විරෝධී ලෙස කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට කටයුතු කිරීම හේතුවෙන් ශිවාජිලිංගම් මහතා ඇතුළු සිව් දෙනෙකු අද (26) වැල්වෙට්ටිතුරේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පිරිසෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.