සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද…

Podu Jana Peramunaබස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි. ඒ අනුව බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් පවත්වා අදාළ තීරණයන් ගැනීමට නියමිත බව හෙතෙම සදහන් කරයි. පසුගිය දින කිහිපය තුළදි ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් බස් ගාස්තුද අඩුවිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කිරීමත් සමග මෙම තීරණයට එළඹ ඇත. මේ වනවිට ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක්ද, සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක්ද වන බැවින් අද දින ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට