ප්‍රදේශ රැසකට වැසි..
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් මෙසේ වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.