පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදුන් ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවයි..
පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිසම විසින් අදාළ නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇත. පොලිස් ස්ථානාධිපතිවරුන් 72 ක් සදහා අදාළ ස්ථාන මාරුවීම් නියෝගය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.