සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි ජනාධිපතිවරණය සදහා සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සුදුසුම පුද්ගලයා වන්නේ රට වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහින්ද සමරසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ ඒකරාශීව පිහිටුවා ගැනීමට නියමිතව ඇති පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වියයුතු බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පැතිර යන ප්‍රචාර කිසිදු සත්‍යතාවයකින් තොර බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ඉතා සාර්ථක ලෙස සිදුවෙමින් පවතින බවත් මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන්නේද නැතිද යන්න පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිදු අදහස් පළකළ නොමැති අතර සුදුසු කාලය එළඹි විට ඒ පිළිබදව කරුණු දක්වනු ඇති බවත් සමරසිංහ මහතා මෙහිදී කවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට