සත්‍යයේ පුවත් අඩහැරය….

අවම සුදුසුකම් යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් බදවා ගැනීම, ලංකා ගුරු සේවා සංගමයෙන් දැඩි විරෝධය..

Podu Jana Peramunaගුරු වෘත්තිය ද අභියෝගයට ලක්කරමින් අවම අධ්‍යාපන සුදුසුකම් යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850 ක් බදවා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළකර සිටියි. ‍ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය.

අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වන්නේ මෙරට පාසැල් පද්ධතිය තුළ 4000 ක පමණ ශාරීරික අධ්‍යාපන ගුරුවරුන්ගේ හිගයක් පවතිද්දී එය සම්පූර්ණ කිරීම පසෙක තබා දෙවරකට නොවැඩි වාර ගණනකදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභගය‍ෙන් විෂයන් 06 ක් සමත් සමත්වූවන් 3850 ක් iii වන ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සදහා පසුගිය 07 වනදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි. පාසල් අනධ්‍යන කාර්යය මණ්ඩලය යටතේ ඉතා අඩු සුදුසුකම් මත මේ ආකාරයට ක්‍රීඩා පුහුණුකරුවන් බදවා ගනිමින් ඔවුන් සිසුන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම, පාසල් අධ්‍යාපනය තවත් ගැටළු ගණනාවකට මුළු පිරීමක් වන බව ද මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත.

එමෙන්ම අදාළ බදවා ගැනීම් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය, දේශපාලන හිතවත්කම මත කටයුතු කරන ලද නිසි සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් පිරිසකගෙන් සමන්විතවූ බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත. මෙම තත්ත්වය මත ගුරු සේවයට අභියෝගයට ලක්කරන මෙම ක්‍රියාදාමය වහාම අත්හිටුවා සුදුසුකම් ලත් පිරිසක් ක්‍රීඩා ගුරුවරුන් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට බදවා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර යම් හෙයකින් එවැන්නක් සිදුනොවනහොත් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් දැඩි ක්‍රියාමාර්ග දියත් කරන බවත් මෙම නිවේදනය තුළින් ලංකා ගුරු සේවා සංගමය බලධාරීන් වෙත අනතුරු අගවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට