සත්‍යයේ පුවත් අඩහැරය….

සීගිරිය පොලිතින් වලින් තොර කලාපයක් වෙයි..

Bombසීගිරිය පර්වතය අවට කලාපය පොලිතින් වලින් තොර කලාපයක් බවට පත්කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල අනාවරණය කර සිටියි. ඒ අනුව සීගිරිය දිය අඟල ඇතුළත කලාපයට ලබන මාර්තු 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැගෙන ඒම තහනම් වනු ඇත. නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව අදාළ තීරණයට එළඹි බව මාධ්‍යම සංස්කෘතික අරමුදල වැඩිදුරටත් සඳහන් කර සිටියි. අදාළ තීරණය අනුව පිසින ලද ආහාර වර්ග සහ කෙටි කෑම වර්ග ඉහත ප්‍රදේශයට රැගෙන යාම තහනම් අතර දේශීය සහ විදේශීය සංචාරකයින් සියළුදෙනාටම මෙම තහනම් අදාළ වනු ඇත. අදාළ ආහාර ද්‍රව්‍යයන් දවටා ඇති පොලිතීන් ආවරණ ඉවත්කිරීමෙන් පසු ඒවා රැගෙනයාමට අවසර ලබා දෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරසිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට