අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම, මානව හිමිකම් කොමිසම පාර්ශව කිහිපයක් ප්‍රකාශ ලබාගනියි..
පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එම බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික අන්දමින් පහරදීම පිළිබදව මේ වන විට පාර්ශ කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසා සිටියි. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අගුණකොළපැලස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පහර කෑමට ලක්වූ රැඳවුවියන්ගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බව මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.