සත්‍යයේ පුවත් අඩහැරය….

නව බඳවාගැනීමේ ගැටළු නිසා දුම්රිය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවෙලා – දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය

Bombනව බඳවාගැනීම් පරිපාටිවල මතු වී ඇති ගැටළු සහගත තත්වයන් නිසා දුම්රිය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බැවින් ඊට කඩිනම් විසදුමක් ලබාදෙන්නැයි දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියි. දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ඒ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ සදහන්වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණ සහායක, අර්ධ පුහුණු ශිලිපීන් හා පුහුණු ශිල්පීන් යන ශ්‍රේණි තුල සිටින දුම්රිය සේවකයින්ගෙන් 75% කට ආසන්න සංඛ්‍යාවක් පුහුණු ශිල්පීන් ලෙස 2019 සහ 2020 වර්ෂ වලදී විශ‍්‍රාම යාමට නියමිතව ඇත. ඒ හේතුව නිසා මතුවන පුරප්පාඩු නියමිත සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වන බව පෙන්වා දෙමු. අද වන විට අලූතින් එන්ජින් හා මැදිරි ගෙන්වුවද ඒ සඳහා ශ‍්‍රම දායකත්වය ලබාදිමට අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව එම එන්ජින් හා මැදිරිවල නඩත්තු කටයුතු ඉටුකිරීමේ දී ආයතනය බලාපොරොත්තු වන ඵලදායිතාවය මේ වන විටත් බිඳ වැටෙමින් තිබේ. අද වන විට පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 2024 ක සංඛ්‍යාවක් පවතින අතර, අර්ධ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 1024 ක ප‍්‍රමානයක් ද මේ වන විට පුරප්පාඩු වී පවතී.

එම තත්වය 2020 වර්ෂය වන විට 75% අභිබවා යෑමට විය හැකි අතර, පුහුණු ශිල්පීන් ලෙස පසුගිය දිනවල කාර්මික විද්‍යාලවල පුහුණුව ලැබූ 193 දෙනෙකුට පත්වීම් ලබා දී ඇති මුත්, එම බඳවැගැනීම් ද සිදුකර ඇත්තේ වසර 10 කින් පසු බව පෙන්වා දෙමු. මේ වන විටත් දුම්රිය කාර්මික විද්‍යාල තුලින් පුහුණුව නිම කරන ලද ශිල්පීන් විශාල සංඛ්‍යාවක් සිටින අතර ඒ හා සමාන අභ්‍යන්තර සුදුසුකම් ලැබූ ශිල්පීන් ද ඇති මුත් නව බඳවාගැනීම් පරිපාටි වල මතු වී ඇති ගැටළු සහගත තත්වයන් නිසා එම ප‍්‍රශ්න දිගින් දිගටම විසඳුම් නැතිවීම උග‍්‍ර ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත. මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුකර ඇතත් කඩිනම් විසඳුම් ලබා නොදීම තුල බඳවාගැනීම් සිදු කිරීමට නොහැකි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට