සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බල රහිත පත්වීම් නිසා සමෘද්ධි නිලධාරීන් ගැටළු රැසකට මැදිවෙලා – සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් 2018 වසරේ නොවැම්බර් මස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කිසිදු නෛතික භාවයකින් තොර පත්වීම් ලබාදී සමෘද්ධි නිලධාරීන් රැවටීමට ලක්කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ව ඇති අතර එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අදාළ පත්වීම් නෛතික භාවයකින් තොර බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඊයේ (13) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවයි.

යම් රාජ්‍ය සේවකයෙකුට ස්ථිර පත්වීමක් ලබාදෙන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතිය ඇතිව සිදුකළ යුතු වුවත් ඉහත පත්වීම් ලබාදී ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව වන බැවින් එම පත්වීම් බල රහිත බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පෙන්වා දී තිබේ.

පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ අරමුණ ඇතිව කටයුතු කිරීම නිසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් රැසක් අද වන විට දැඩි පීඩාවකට පත්ව සිටින බවත් මෙම ගැටළුකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මෙම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට