ගංජා රැගෙන ඩුබායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කතක් රේගු අත්අඩංගුවට..
මෙරට සිට ඩුබායි වෙත ගංජා කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 94 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි මෙරට ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට හැකිවී තිබේ. රුපියල් 8,37,000 ක් වටිනා අදාළ ගංජා තොගය සමග අත්අඩංගුවට පත් මෙම සැකකාර කාන්තාව මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ගෘහ සේවිකාවක් ලෙස ඩුබායි බලා පිටත්ව යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.