සත්‍යයේ පුවත් අඩහැරය….

රටවල් 13 කට නව තානාපතිවරුන්..

Podu Jana Peramunaවිදෙස් රටවල් 13 ක් සදහා නව තානාපතිවරුන් පත්කර ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති අදාළ පත්කිරීම් අනුව ශ්‍රි ලංකා විදේශ සේවයට අයත් නිලධාරීන් බහුතරයක් අදාළ තානාපතිවරුන් ලෙස පත්කර ඇති බවයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය, තුර්කිය, ඕමානය, සිංගප්පුරුව, බහරේන්, පිලිපීනය, තායිලන්තය, නෙදර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල් සදහා මෙන්ම වොෂින්ටන් සහ ඇමෙරිකාවේ නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාල සදහාද නව තානාපතිවරුන් පත් කර ඇත. අදාළ නාම ලේඛණය මේ වන විට පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවට යොමු කර ඇති අතර එම කාරක සභාව විසින් එම නාම ලේඛණය සදහා අනුමැතිය ලබාදීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම ලේඛනය අදාළ රටවල අනුමැතියට යොමු කර ඉන්අනතුරුව අක්ත පත්‍ර භාරදීම සිදුකරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට