සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාතේ බස් ගැන අද සිට දැඩි අවධානය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් පුළුල් මෙහෙයුමක්..

Podu Jana Peramunaබස්නාහිර පළාත තුළ ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරමින් විවිධ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි. ඒ අනුවබස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා බැලීමටත් මගීන් හට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් සොයාබැලිමටත් අද (01) සිට පුළුල් මෙහෙයුම් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ වෙනුවෙන් ලබාදී තිබෙන වර්ණය හැර වෙනත් වර්ණයක් භාවිතා කළ නොහැකි බවත් ඉදිරි මාස තුනක සහන කාලය තුළ අදාළ වර්ණයෙන් බස්රථ වර්ණ ගැන්විය යුතු බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට