සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංගම සේවකයාටත් උත්සව අත්තිකාරම් ලෙස රු. 10,000/= ක් ලබාදෙන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංගම සේවකයාට තම ගරුත්වය රැක ගනිමින් සිංහල අලූත් අවුරුද්ද සැමරීම සදහා රජයේ අනෙකුත් සේවකයන් හා සමානව රු. 10,000/= ක උත්සව අත්තිකාරම් මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා මෙන් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක මේ බව සදහන්ය.

2018 වසරේදී ද උත්සව අත්තිකාරම් ලෙස රු. 10,000/= ක මුදලක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිබදව ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් දැක්වුවද මුදල් අමාත්‍යාංශයේ ශ‍්‍රී.ලංගම ද්‍රෝහී නඩය විසින් උත්සව අත්තිකාරම් ලෙස ලබාදෙන ලද්දේ රු. 5,000/= ක් වැනි සොච්චම් මුදලක් බවද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය. ප‍්‍රවාහන අමාත්‍යාංශයට අයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ද පසුගිය වසරේදී උත්සව අත්තිකාරම් ලෙස රු. 10,000/= ක මුදලක් ලබාදී ඇති බවත් මෙය ඉතා අසාධාරණ සහ සදාචාර විරෝධී ක‍්‍රියාවක් බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංගම සේවකයින් හට උත්සව අත්තිකාරම් ලෙස රු. 10,000/= ක මුදලක් ලබාදීම සදහා මැදිහත් වන්නැයි ඉල්ලා සිටින බව ද ලිපියෙහි තවදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට