සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා සංවර්ධන නිලධාරීන් වීථි බසියි..

Podu Jana Peramunaතමන් මුහුණදී ඇති සේවා ගැටළු කිහපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරී සංගමය අද (08) කොළඹ, නිදහස් චතුරස‍්‍ර මාවතේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. නිසි උසස්වීම් ක‍්‍රමයක් ඇති කිරීම, නිසි රාජකාරී පටිපාටියක් හදුන්වා දීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, දෙවන භාෂා පාඨමාලා සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා ඉහත සංගම් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලදී. ඉහත වෘත්තීය ගැටළු සදහා වසර ගණනාවක් තිස්සේ විසඳුම් නොමැති අතර ඒ සම්බන්ධයෙන් විටින් විට බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බැවින් මෙසේ විරෝධතාවයක් දියත් කරන බව එම සංගම් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට