අද මධ්‍යම රාත්‍රියේ බස් වර්ජනයක්..
රථ වාහන වැරදි සදහා වන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු සිය කර්මාන්තය මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අවධාරණය කර සිටියි. මෙරට මාර්ග පද්ධතිය තුළ දක්නට ලැබෙන විවිධ අඩුපාඩු සකස් කර, පසුව රථ වාහන වැරදි සදහා වන දඩ මුදල් ඉහළ දමන්නේ නම් එය ගැටළුවක් නොවන බව ද සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.