සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට ත‍්‍රස්තවාදය මර්දනය කරන්න විදෙස් සහයක් අවශ්‍ය නෑ – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaමෙරට තුළ උද්ගතව ඇති ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සදහා විදෙස් විමර්ශකයින් මෙරටට නොකැදවන ලෙස ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි.ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (25) එම පෙරමුණ විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකළ ඒ මහතා පවසා සිටියේ මෙසේ විදෙස් විමර්ශකයින් රට තුළට ඇතුඵවීමෙන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාව යන රටවල් වලට අත්විදීමට සිදුවූ දැවැන්ත ඛේදජනක තත්ත්වයට, ඉදිරියේදී ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි. ඇමෙරිකානු එක්සත් ජනපදය, කමන්ට ඉතා වැදගත් වන රටවල් වලට රිංගා ගැනීමේ උපක්‍රමයක් ලෙස අයි.එස් සංවිධානය නිර්මාණය කර ඒ හරහා රටවල් වල ප්‍රහාර ඇතිකර එම රටවල් වලට උපකාර කිරීමේ මුවාවෙන් රටේ අභ්‍යන්තරයට ඇතුළු වන බව මනාව පැහැදිලි වන්නක් බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙරට වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ මෙරට ආරක්ෂක අංශයන්ට කිසිදු ලෙසකින් විදේශ ආරක්ෂක අංශයන්ගේ සහය අනවශ්‍ය බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට