වවුනියාවේ කැළෑවක තිබී ගුවන් යානා නාශක පතුරම් 85 ක් හමුවෙයි..
වවුනියාවේ කැළෑබද ප්‍රදේශයක තිබී ගුවන් යානා නාශක පතුරම් 85 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. වවුනියාව, අලගල්ල, අළුත්ගම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී ඊරට්ටපෙරියකුලම් පොලීසිය විසින් මෙම ගුවන් යානා නාශක පතුරම් සොයාගෙන ඇත. මෙම පතුරම්, වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව බව ද වාර්තා වේ.