සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම්..
ප්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සියළු සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටින්නේ ඊයේ (12) හලාවත නගරය සහ කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන ප්‍රදේශයන් තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා මෙසේ සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කරන ලද බවයි.