සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් උගත්කමින් අඩු පිරිසක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකිනවා – ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Podu Jana Peramunaමෙරට තුළ සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන්නේ උගත්කමින් අඩු පිරිසක් විසින් යැයි පසුගිය ද ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් කර ඇත. අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වන්නේ තම නොහැකියාව වසාගැනීම සදහා සමාජ මාධ්‍ය පළිහක් කරගනිමින් ජනපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. අන්තර්ජාලය නොමිලේ පරිහරණය කළ හැකි පරිදි ප‍්‍රධාන නගර ආශ්‍රිතව අවශ්‍ය පහසුකම් ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා එසේ තමන් බලයට ගෙන ආ සමාජ මාධ්‍ය පරිශීලකයන් උගත්කමින් අඩු පුද්ගලයන් යැයි හංවඩු ගැසීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්දැයි විමසා සිටින බවද මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩසටහනෙහි පොරොන්දුවූ පරිදි “ජන වර්ග අතර හෝ ආගම් අතර අසමගිය, වෛරය, ආගමික නායකයින්ට අපහාස වන අයුරින් ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා නීතිමය හා සමාජමය ක්‍රියාමාර්ග ගැනීම” යන වගන්තිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමෙහි වගකීම භාරගතයුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම වන බවත් සිය නොහැකියාව වසාගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා පලිහක් කරගනිමින් ජනතාව නොමග යැවීම වහාම නතරකළයුතු බව අවධාරණය කරන බවද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ රජයට සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට නැගෙන දැඩි විරෝධය මැඩලීමට සමාජ මාධ්‍ය ගිණුම්/සමූහ/පිටු වාරණයට ලක් කිරීමට සමාජ මාධ්‍ය ආයතන වලට පැවසීම වහාම නතරකළ යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වගකීමෙන් ප්‍රකාශ කරන බවද මෙම නිවේදනයෙහි සදහන්ය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව සංවිධානාත්මක පිරිසක් විසින් වන බැවින් සමස්ත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් හට චෝදනා එල්ල කිරීම සිදුනොකළ යුතු බවත් ඒ වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර සමාජ මාධ්‍ය ජාලා පිළිබදව තමන් තුළ පවතින වැරදි ආකල්පයන් ඉවත්කරගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර තිබෙන මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට