සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතිවාදී යුද්ධයක් රට තුළ ඇතිකිරීමේ පාපී වුවමනාව පසුපස ඇත්තේ බල ලෝභී දේශපාලනයයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaරට අරාජිකවී ඇති මේ මොහොතේ ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන්, මනුෂ්‍යත්වය ඇති මිනිසුන් නිසි නායකත්වයෙන් යුතුව සමාජය හැසිරවීමට වගබලාගතයුතු බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර අදාළ නිවේදනය තුළ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය තුළින් ලාංකික මුස්ලිම් ජනතාව දෙස සතුරු මනසකින් බැලීම සදහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වූ බවත් එම ප්‍රහාරය දියත් කළ ජාතිවාදී හා අන්තවාදී කණ්ඩායම් වල කි‍්‍රයාකාරකම්, රටේ සමස්ත ජනතාවගේම සාමාන්‍ය ජන ජීවිතය දැවැන්ත කඩා වැටීමකට ලක්කර ඇති බවයි.

මේ වන විට රටෙහි ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන මනුෂ්‍යත්වයට නිගාදෙන කි‍්‍රයාකාරකම් ඉතා සංවේගයෙන් යුතුව හෙළා දකින බවත් නීතිය කි‍්‍රයාවේ යොදවා එවැනි තත්ත්වයන් ඇතිනොවීමට අවශ්‍ය කටයුතු සිදුකළයුතුව ඇති බවත් ජාතික භික්‍ෂු පෙරමුණ මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි. කළු ජූලියෙන් තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය වූවාක් මෙන් මේ විට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිවාදී යුද්ධයකට රට ඇද දැමීමේ පාපී වුවමනාව පිටුපස බල ලෝභී දේශපාලනය සිටින බව ඉතා හොඳින් වටහාගත යුතුව ඇති බවත් මෙම නිවේදනයෙහි සදහන් කර තිබේ.


සැබවින්ම වෛරය මැරිය යුතුව ඇතිමුත් ඒ සඳහා සෙසු බිලිනොගත යුතුව ඇති අතර ආණ්ඩුක් නොමැති තත්ත්වයට රට පත්ව ඇති අතර ඉන් රට අරාජික වී ඇති බවද සිය නිවේදනය මගින් ජාතික භික්ෂු පෙරමුණ වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට