නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට..
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම පාකිස්ථානු ජාතිකයින් දෙදෙනා වලංගු වීසා බලපත‍්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් ව්‍යාපාර කටයුතු වල නිරතව සිට ඇති අතර ඔවුන් දෙදෙනා රාජගිරිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත. මෙම පාකිස්ථානු ජාතිකයින් දෙදෙනාට එරෙහිව මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරෙන්තු ද නිකුත් කර ඇති බව ද අනාවරණය වී ඇති අතර මොවුන් දෙදෙනා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.