සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු ඉහළට..

Podu Jana Peramunaඅද (31) සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව රුපියල් තුන්දහසක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් තුන්දහස් පන්සියයක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුවද ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් දස දහසක්ව පැවති එක්දින සේවා ගාස්තුව රුපියල් පහළොස්දහසක් දක්වා ඉහළ නංවා තිබේ. වයස අවුරුදු 16 ට අඩු කුඩා දරුවන් සදහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ලද සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් දෙදහසේ සිට රුපියල් දෙදහස් පන්සියය දක්වා ද එක්දින සේවා ගාස්තුව රුපියල් පන්දහසේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා ද ඉහළ දමා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට