හෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට..
හෙරොයින් ග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍රදේශයේදී ඊයේ (02) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 39 වන වියෙහි පසුවන්නන් වන අතර ඔවුන් තලෙයිමන්නාරම සහ මන්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.