ගින්නකින් තංගල්ල, හුංගම ධීවර වරායේ බෝට්ටු 40 කට හානි..
තංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් ධීවර බෝට්ටු 40 ක් පමණ විනාශ වී ඇත. ගින්න රාති‍්‍ර 11.45 ට පමණ හටගෙන ඇති අතර තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය, හුංගම පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත. එම ප්‍රදේශයේ ධීවරයින්ට ලද තොරතුරක් අනුව ගුරුපොකුණ ධීවර වරායට පැමිණි අවස්ථාවේදී මෙම ගින්න දැක ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව පොලීසිය සදහන් කරයි.