සත්‍යයේ පුවත් අඩහැරය….

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජනාධිපති සතු බලතල, අග්‍රාමාත්‍යවරයා වෙත ලබාගැනීමට සකස් කළ කූට උපක්‍රමයක ප්‍රතිඵලයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaපසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ හේතුවෙන් 18 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටතුළ යම් කථාබහක් ඇතිවී තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධන සිදුකිරීමේදී නිසි ක්‍රියාපටිපාටියකට අනුව දේශපාලන සහ සිවිල් සමාජයන්ගේ එකගතාවයෙන් සිදුකළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පහත පරිදි මාධ්‍ය හමුවේ කරුණු සදහන් කරන ලදී. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් ආකාරයක ඒකාධිපති ස්වරූපයක් දක්නට ලැබුනා. දෙවරකට වැඩි වාරයක් ජනාධිපති ධූරයට ඉදිරිපත්විය නොහැකි බව සදහන්වූ වගන්තිය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත්කළා. කෙසේවෙතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම් යම් යහපත් තත්ත්වයන් ඇතිවුනත් එම සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතු බලතල, අග්‍රමාත්‍යවරයාට ලබාදීම නිසා මේ වන විට රාජ්‍ය පාලනය තුළ දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා.

මේ නිසා රට අරාජික තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇතිකළත් ඒවා මේ වන විට ක්‍රියාත්මක නෑ. ඒකයි ගැටළුව. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් යම් යම් මතවාද ඇතිවෙලා. විනිසුරුවරුන් පත්කිරීමේ දී එම සභාව අනුගමනය කරන වැඩපිළිවෙළ නිසා ජ්‍යෙෂ්ඨ, සුදුසුකම් සහිත විනිසුරුවරුන් දැඩි කළකිරීමකට පත්වෙලා ඉන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයා සතු බලතල ගැන පැහැදිලි ලෙස සදහන් වී නෑ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයා සතු බලතල, අග්‍රාමාත්‍යවරයා වෙත ලබාගැනීම සදහා සකස් කරන ලද කූට උපක්‍රමයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකියි. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරයාව උපක්‍රමශීලිව රැවටීමට ලක්කර ඇතැයි සිතෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන විවිධ අදහස් පළකළත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළ හැකි සුදුසුම පුද්ගලයා ලෙස අප යෝජනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට