සත්‍යයේ පුවත් අඩහැරය….

සූර්යබල සංග්‍රාමය නවත්වන්න කිසිදු පියවරක් ගෙන නැහැ – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

Podu Jana Peramunaපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවී ඇතැයි පැවසෙන ගැටළු කිහිපයක් වෙනුවෙන් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් ඊයේ (26) දින එම අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදී පවත්වා ඇත. මෙම උද්ෂෝෂණය සුර්යබල විදුලි උත්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයින් සහ පරිසර සංවිධාන කිහිපයක් එක්ව සිදු කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති අතර ඒ අතරින් සූර්ය, සුළං වැනි ප්‍රභවයන් ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත. විශේෂයෙන් මිල අවම විදුලි උත්පාදන ක්‍රමයක් වන සූර්ය විදුලිබල උත්පාදනය රට තුළ ව්‍යාප්ත කිරීම සදහා දියත්කල සූර්යබල සංග්‍රාමය මේ වනවිට සාර්ථක ආකාරයෙන් දීපව්‍යාප්තව ප්‍රචලිත වී තිබේ.

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන සූර්ය බල සංග්‍රාමය ගත වූ වසර 02 ක කාලසීමාව තුලදී වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති අතර, මේ වනවිට සූර්යබලය දෙසට යොමූවී ඇති ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් සූර්යබල විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරීමටත් විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගෙන තිබේ.

නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලිබල පද්ධති සවි කර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක් කිරීම රජයේ අරමුණ වූ අතර 2020 වනවිට මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර තිබේ. මේ වනවිටත් එම මෙගාවොට් 200 ලබාගෙන ඇති අතර, සමාගම් 200 ක් පමණ අළුතින් බිහිවී, ඒ තුලින් සෟජු රැකියා අවස්ථා දසදහසක් පමණ නිර්මාණය වී තිබේ.කරුණු එසේ තිබියදී, විෂයභාර මෙම සූර්යබල සංග්‍රාමය නැවැත්විමට කටයුතු යොදා ඇති බවට පසුගිය වකවානුවේදි රට තුළ ප්‍රචාරය වූ අතර එම ප්‍රචාරයන් කිසිදු සත්‍යයක් නොමැති බවත් පදනම් විරහිත බවත් අවධාරණය කරන විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, විෂයභාර අමාත්‍යවරයගේ උපදෙස් පරිදි මෙම සූර්යබල විදුලි උත්පාදන වැඩපිළිවෙල තවදුරටත් සංවර්ධනය කර රට තුල ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත් පවසයි.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් විසින් උද්ඝෝෂකයන් දැනුවත් කිරීමක් කළ අතර ඉදිරි දින කිහිපය තුලදී විෂයභාර අමාත්‍යවරයා සමග නිල සාකච්ඡාවක් තුලින් මේ පිළිබදව නිවැරදි නිගමනයකට එළඹීමට එකගවූ පිරිස සිය උද්ඝොෂණය අවසන් කිරීමට කටයුතු කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට