සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති පුජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි CID යට..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා දේපළ හානි සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට සාපරාධී වගකීමක් ඇති බව මේ වන විට සිදුකර ඇති විමර්ශන තුළින් අනාවරණය වී ඇති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව එම දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන සැකකරුවන් වශයෙන් නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට කරුණු වාර්තා කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට